පුවත්

ලෝක බැංකු සභාපති හෙට දිවයිනට

Published

on

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා හෙට (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඔහු ලංකාවට පැමිණෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මතය.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයකි.

අජේ බංගා මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලෝක බැංකු සමූහයේ සභාපති ධුරයට පත්වූ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට සංචාරයක නිරත වනලෙස ඔහුට ආරාධනා කර ඇත.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිත බව වාර්තා වේ.

වර්තමානයේ ලෝක බැංකුව මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක් වටිනා ව්‍යාපෘති සඳහා සහාය ලබා දෙයි.

Trending

Exit mobile version