ලෝක ජනමාධ්‍ය නිදහස දිනය අදට (03) යෙදී තිබේ.
මෙවර ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ යන්නයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1993 දී මාධ්‍ය නිදහස සැමරීමේ දිනය ප්‍රකාශයට පත් කළ අතර මෙවර සමරනු ලබන්නේ, එහි 30 වැන්නයි.
1986 වසරේ දෙසැම්බර් 17 වැනි දා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන් කර ඇත.
ඉකුත් දස වසර තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 929 දෙනෙකු ඝාතනය කර ඇති බව මාධ්‍යවේදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලෝක සංවිධාන කියයි.
මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රට ඉරාකය ලෙස නම්කර ඇත.
දෙවැන්න සිරියාවයි.
ශ්‍රී ලංකාව ද මෑත දශක ගණනාව තුළ ජනාමාධ්‍යයට එල්ල වූ බලපෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටකි.
මෑතකදී කරලියට පැමිණි ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පතින් ජනමාධ්‍යයට ඇති නිදහස සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් මතු කර ඇති බව මාධ්‍ය සංගම් මතයයි.
රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන පසුගිය වසරේදී හිමිවුයේ නොර්වේ රාජ්‍යයටයි.
2022 වසරේදී ශ්‍රී ලංකාවට හිමිවුයේ ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ 146 වන ස්ථානයයි.