Connect with us

පුවත්

ලෝක මාධ්‍ය නිදහස දිනය අද !

Published

on

ලෝක ජනමාධ්‍ය නිදහස දිනය අදට (03) යෙදී තිබේ.

මෙවර ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ යන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1993 දී මාධ්‍ය නිදහස සැමරීමේ දිනය ප්‍ර‍කාශයට පත් කළ අතර මෙවර සමරනු ලබන්නේ, එහි 30 වැන්නයි.

1986 වසරේ දෙසැම්බර් 17 වැනි දා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන් කර ඇත.

ඉකුත් දස වසර තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 929 දෙනෙකු ඝාතනය කර ඇති බව  මාධ්‍යවේදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ල‌ෝක සංවිධාන කියයි.
මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රට ඉරාකය ලෙස නම්කර ඇත.

දෙවැන්න සිරියාවයි.

ශ්‍රී ලංකාව ද මෑත දශක ගණනාව තුළ ජනාමාධ්‍යයට එල්ල වූ බලපෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටකි.

මෑතකදී කරලියට පැමිණි ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පතින් ජනමාධ්‍යයට ඇති නිදහස සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් මතු කර ඇති බව මාධ්‍ය සංගම් මතයයි.

රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන පසුගිය වසරේදී හිමිවුයේ නොර්වේ රාජ්‍යයටයි.

2022 වසරේදී ශ්‍රී ලංකාවට හිමිවුයේ ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ 146 වන ස්ථානයයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved