පුවත්

ලෝක රූ රැජින කිරුළ ක්‍රිස්ටීනාට

Published

on

ඉන්දියාවේ මුම්බායි හි පැවැති 71 වැනි ලෝක රූ රුජින තරගයේ කිරුළ ජය ගැනීමට චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ටීනා පිස්කෝවා සමත් විය.

මෙවර තරගාවලිය සඳහා ලොවපුරා රටවල් 115ක තරඟකාරියන් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්දියාව මෙහි සත්කාරකත්වය දරණු ලැබුවේ වසර 28කට පසුවය.

23 හැවිරිදි ක්‍රිස්ටීනා සිස්කෝවා නිරූපිකාවකි.

ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටී.

මීට පෙර 2006 වසරේදී ද චෙක් ජනරජ සුරූපිනියක ලෝක රූ රැජින කිරුළ දිනා තිබේ.

ක්‍රිස්ටීනා පිස්කෝවා ට කිරුළ පැලදීම සිදු කරනු ලැබුවේ, පසුගිය 2023 ලෝක රූ රුජින කිරැළ දිනා සිටි පෝලන්ත සුරූපිනිය කැරොලිනා බියෙලාව්ස්කා විසිනි.

මෙවර තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනුවේ, ලෙබනනය නියෝජනය කළ සුරූපිනී යැස්මින් මයිටෝන්ය.

තෙවැනි ස්ථානය දිනුවේ, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගො දූපත් රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය ආචේ ඒබ්‍රහෑම්ස්ය.

Trending

Exit mobile version