බොරැල්ලේ වෙස්ටන් හොස්පිට්ල් හි සිදුකරන ලදැයි කියන දිළිඳු පුද්ගලයන් රවටා මුදලට වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් ගුවන් ගමන් තහනමක් ලබාගෙන තිබියදී ඔහු ඩුබායි රාජ්‍ය බලා යාමට ඊයේ (09) රාත්‍රියේ ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම සැකකරු එම රෝහල් සේවකයකු වශයෙන් පෙනී සිටිමින් මෙම ජාවාරම සිදු කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙකි.
සබැඳි පුවත්:
වෙස්ටන් රෝහලේ මහාචාර්ය රිස්වි අත්අඩංගුවට!; හේමාස්ට නඩු !
වකුගඩු ජාවාරමට තවත් 3ක් අල්ලයි; දොස්තර රිස්වි තවමත් නිදැල්ලේ
හේමාස්, නවලෝක, ලංකා හා වෙස්ටන් වකුගඩු ජාවාරම් රිපෝට් එක මිසින් !