පුවත්

වතු නිවාස 17ක් ගිනිබත් වෙයි

Published

on

පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (16) රාත්‍රියේ හටගත් ගින්නකින්න් වතු නිවාස 17ක් විනාශයට පත්ව තිබේ.

මේ හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිව සිටි පවුල් 27 ක පුද්ගලයන් 87 කු අවතැන්ව සිටින බව පුඬළුඔය පොලීසිය පවසයි.

මෙලෙස  අවතැන් වු පිරිස අතර, ගැබිණි මව්වරුන් තිදෙනකු හා මාස නයවක් වයසැති කුඩා දරුවකුද සිටින බවත්, අවතැන් වු සියලුම දෙනා මේ වන විට ෂීන් වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා ඇති බව පොලීසිය තවදුරටත් සඳහන් කලේය.

මෙම නිවාස පෙළේ වතු නිවාස අටක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර තවත් නිවාස නවයකට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වේ.

නිවාස 24ක් සමන්විත මෙම නිවාස පෙළේ එක් නිවසකින් හටගත් ගිනි ගැනීමක් අනෙක් නිවාසවලටද පැතිරී ගොස් ඇති අතර, පුඬළුඔය පොලීසියේ නිලධාරීන් හා වතු කම්කරුවන් එකතුව පැතිරී යමින් පැවැති ගින්න පාලනය කිරීමට උත්සාහ කර තිබුණි.

Trending

Exit mobile version