මහනුවර, අලදෙණිය, කුළුගම්මන ප්‍රදේශයේ බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ බස් රථයේ තිරිංග දෝශයක් අනතුරට හේතු වී ඇති බවට සැකකෙරෙන බවයි.
.
මහනුවර, අලදෙණිය, කුළුගම්මන ප්‍රදේශයේ දී ඊයේ(12) රාත්‍රී 10 ට පමණ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 38කි.
(පෙර පුවත 2025 මැයි 13 පෙ.ව.11.24 )
වන්දනාවේ ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට – 37කට තුවාල
ඊයේ (12) රාත්‍රී කාලයේදී අලදෙණිය පොලිස් වසමේ යටිහලගල කුළුගම්මන මාර්ගයේ සිදුවූ අනතුරකින් 37 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඒ යටිහලගල දෙස සිට කුළුගම්මන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් සිදුවූ අනතුරකිනි.
තුවාල ලබූ පුද්ගලයින් පේරාදෙණිය හා තිත්තපජ්ජල රෝහල්වලට ඇතුලත් කර තිබේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වන්දනා ගමනක් සඳහා පැමිණි පිරිසකි.
තුවාල ලැබූ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන අතර අනතුර සම්බන්ධයෙන් අලදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඡායා – Accident 1st