වසරේ මේ දක්වා වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීමේ සිදුවීම් 09 ක් වාර්තා වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ ගිනිගැනීම් 04 ක්, රත්නපුර ගිනිගැනීම් 02 ක්, මාතලේ, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ගිනි ගැනීම් එක බැගින් වාර්තා වී තිබේ.
එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ., බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, මොණරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල බහුලව ගිනි ගැනීම් සිදුවන දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති බවය.
සෑම වසරකම වියළි කාලයේ වනාන්තර ආශ්‍රිතව පවතින තෘණ භූමි, වන වගා සහ වෙනත් වනාන්තරවල ගිනි ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, 2024 වසරේ හෙක්ටයාර 437 ක ප්‍රමාණයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබේ.
මේවා සියල්ලක්ම මිනිසුන් විසින් ඇති කරන ලද ගිනි තැබීම් බවට අනාවරණ වී ඇති බැවින් වනාන්තර අසල ගිනි තැබීමෙන් වළකින ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.