පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කර සිටියේ සංවර්ධන ඉදිකිරීම් හා කෘෂීකාර්මික ව්‍යාපෘතිය බව පවසමින් එම ඉඩම් නිදහස් කර ඇති බවය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාරිසරික වංශයෙන් සංවේදී ප්‍රදේශ පවා ඒ අතර වන බවය.
නීත්‍යනුකූල ක්‍රමවේදවලින් බැහැරව එම ඉඩම් නිදහස් කිරීම්වලට එරෙහිව දැඩිව පියවර ගන්නා බව ද අමාත්‍යවරයා විසින් පවසන ලදී.