ආසියාවේ පළමු සහ අප්‍රිකාවෙන් පිටත දෙවැන්න ලෙස Mpox හි නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් පිළිබඳව තායිලන්තය නිවේදනය කර තිබේ.
66 හැවිරිදි එම ආසාදිතයා අප්‍රිකානු රටකින් බැංකොක් වෙත පැමිණ ඇති බව සඳහන්ය.
තායිලන්තයේ රෝග පාලන දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි ආසාදිතයාව රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, ඔහුට වැළඳී ඇත්තේ Mpox හි Clad 1b ලෙස හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.
පසුගිය වසරේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කේන්ද්‍රගතව ආරම්භ වූ Mpox හෙවත් වඳුරු උණ වසංගත තත්ත්වය නිසා පුද්ගලයින් 450 දෙනෙකුට දිවි අහිමිවිය
එතැන් සිට එය බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව ඇතුළු ආසන්න රටවල් ගණනාවකට ව්‍යාප්ත වූ අතර මේ වන විට එහි Clad 1b නමින් හැඳින්වෙන වඩාත් ප්‍රබල ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත පළමු Clad 1b ආසාදිතයා පිළිබඳව මීට සතියකට පෙර වාර්තා වූයේ ස්වීඩනයෙනි.