Connect with us

පුවත්

වර්ජනයෙන් දුම්රියට කෝටි 10ක පාඩුවක්

Published

on

මර්දනයෙන් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති  එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය සේවකයින් කිසිදු අවස්ථාවක කඩාකප්පල් ක්‍රියාවක් සිදුනොකරන බවත් සිය ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදේ යැයි විශ්වාස කරන බවත්ය.

එසේ නොවන්නේ නම් අද (11) පස්වරුවේ විධායක සභාව රැස් වී අවශ්‍ය  තීන්දු තීරණ ගන්නා බව ඔහු පැවසීය.

මේ අතර දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.

එම නිලධාරියා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4 ක් පමණක් වන බවත්, එම ආදායමට භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 5 ක් පමණ වන බවය.

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයත් සමඟ ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වර්ජනය පැවැති දිනවල ධාවන කළ දුම්රියවල ගිය මගීන්ගෙන්ද ප්‍රවේශපත් ගාස්තු නොලැබුණු බවත්, වර්ජනය අඛණ්ඩව පැවතුණ හොත් අලාභය තවත් වැඩි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පුවත්

අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට යාමේදී ගාලුමුවදොර උණුසුම් තත්ත්වයක්

Published

on

By

කොළඹ, ගාලුමුවදොර පිහිටි අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට ඊයේ (04) පස්වරුවේ වරාය කළමනාකරණ උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ සෞඛ්‍ය ආරක්ෂිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවසර ඇතිව වෙළෙඳ කටයුතු කිරීම අරමුණු කරගෙන ගාලු මුවදොර වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමගිනි.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ කලක පටන් වෙළෙඳාමේ නිරතවන පිරිස් එම තීරණයට විරෝධය පළ කෙරුණි.

එම ස්ථානය සඳහා වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අද පස්වරුවේ පැමිණියේ පොලිස් නිලධාරීන් ද සමඟිනි.

මෙහිදී වෙළෙඳුන් පැවසුවේ කාලයක පටන් මෙම ස්ථානයේ වෙළෙඳාම් සිදුකරනු නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතික ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තමන්ව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට සැරසෙන බවය.

කෙසේ වෙතත් ඇතිවූ තත්ත්වය මත වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් වෙළෙඳුන් වෙත දන්වා සිටියේ එළැඹෙන ඉරිදා දක්වා වෙළෙඳාම් කිරීමට අදාළ වෙළෙඳුන්ට අවසර දෙන බවයි.

Continue Reading

පුවත්

හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්ගේ සමීපතමයෝ 3ක් අත්අඩංගුවට

Published

on

By

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම් වූ හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් දේශපාලන බලය යොදාගනිමින් අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අනුව හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ සමීපතමයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දේශපාලන බලය යොදා අල්ලා ගන්නා ලද මේ ඉඩම් භුක්ති විඳීම සිදු වූ අතර, ඊට හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන ගිය පරීක්ෂණ මත එහි ප්‍රධාන සැකකරුවන් ලෙස මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවකද සිටින අතර, එක් අයකු අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ.

(සිළුමිණ)

Continue Reading

පුවත්

පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන 

Published

on

By

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පඬුරු පෙට්ටියට නොදා කපුවන්ගේ වට්ටියට දාගත් කපුවන් පොලිසියට අල්ලා දුන් බස්නායක නිලමේ ඩිල්ෂාන්  වික්‍රමරත්න ගුණසේකර මහතාට එම පැමිණිල්ල ඉවත්කර ගන්නා ලෙස දේශපාලන අධිකාරිය ඇතුළු විවිධ පාර්ශවවලින් බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වේ.

කතරගම මහා දේවාලයේ පඬුරු ගැන පහුගිය කාලේ රටම කතා වෙන්න පටන් ගත් සිද්ධියක් වන අතර බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා එම පඬුරුවලින් රෝහල් හදන්න පටන් ගැනීමත් සමඟ එම මාතෘකාව වෙනත් පැත්තකට යොමුව තිබිණි.

මෙතෙක් කාලයක් කතරගම දේවාලයේ කපුවන්ට සින්න වෙලා තිබුණු පඬුරු මුදල් එයින් පස්සේ ඇත්තටම කතරගම දෙවියන්ට පින් පිණිස බැතිමතුන් එම සත්කාරයට වැඩි වැඩියෙන් පූජා කළ අතර කපුවන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට හතේ හත වැදුණි.

කතරගම දෙවියන් වෙනුවෙන් පූජා කරන පඬුරු කපු මහතුන් අතට නොදී එහි ඇති පඬුරු පෙට්ටියට, එහෙමත් නැතිනම් “මුදල් ආධාර පෙට්ටියට” දාන්නය කියලා බස්නායක නිලමේතුමා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේම ඉල්ලීමක් ද කළේය.

එසේ ලැබුණු පඬුරු මුදල් පළවෙනි වතාවට විගනන කිරීමට ද නිලමේවරයා කටයුතු යොදනු ලැබීය.

කෙසේවුවද, බස්නායක නිලමේ තුමාගේ අදාළ නිවේදනයත් සමඟ කතරගම කපුවන් අලුත් ක්‍රමයක් අනුගමනය කිරීමට කටයුතු කර තිබිණි.

ඒ පඬුරු දාන්න මුදල් ආධාර පෙට්ටිය ළඟට පැමිණෙන බැතිමතුන්ට ඔවුන්ගේ මුදල් පෙට්ටියට දැමීමට ඉඩනොදී ඔවුන් විසින් තබන ලද වට්ටියකට දැමීමට බලපෑම් කිරීමයි.

මේ බව ආරංචි වූ බස්නායක පොලීසියට මේ ගැන පැමිණිල්ලක් සිදුකර තිබිණි.

ඒ පඬුරු පෙට්ටිය අයිති බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට වීම නිසාය.

එසේම එම පඬුරු පෙට්ටියේ යතුරු ඇත්තේ ද විගණන නිලධාරීන් ළඟ පමණක් වීම බැවිණි.

පඬුරු පෙට්ටියට යා යුතු මුදල් ඊට යන්න නොදී අවහිර කර කවුරුන් හෝ තමන් අතට ගන්නේ නම්  එය සාපරාධී සාවද්‍ය පරිහරණය කියන වරදට වැටෙන බැවින් නිලමේ වරයා මේ පැමිණිල්ල කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කතරගම පොලීසියෙන් පඬුරු පෙට්ටිය අසල වට්ටියකට පඬුරු එකතුකරමින් සිටි කපුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්හ.

කෙසේවුවද, පොලිසියට ඊට වඩා වැඩි යමක් කිරීමට නොහැකි වූ අතර කතරගම කපු සනුහරේම කතරගම පොලිසිය වටලා අත්අඩංගුවට ගත් කපුවන් දෙදෙනා නිදහස් කරගෙන තිබිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved