මර්දනයෙන් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය සේවකයින් කිසිදු අවස්ථාවක කඩාකප්පල් ක්‍රියාවක් සිදුනොකරන බවත් සිය ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදේ යැයි විශ්වාස කරන බවත්ය.
එසේ නොවන්නේ නම් අද (11) පස්වරුවේ විධායක සභාව රැස් වී අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ඔහු පැවසීය.
මේ අතර දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.
එම නිලධාරියා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4 ක් පමණක් වන බවත්, එම ආදායමට භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 5 ක් පමණ වන බවය.
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයත් සමඟ ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වර්ජනය පැවැති දිනවල ධාවන කළ දුම්රියවල ගිය මගීන්ගෙන්ද ප්‍රවේශපත් ගාස්තු නොලැබුණු බවත්, වර්ජනය අඛණ්ඩව පැවතුණ හොත් අලාභය තවත් වැඩි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.