පුවත්

වරායට ආ කැබ් එකක මිල ලක්ෂ 245ත් – 255ත් අතර; ජපන් කාර් අද හම්බන්තොටට

Published

on

වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය ඊයේ (25) කොළඹ වරායට සේන්දු වී තිබිණි.

වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවය.

කොළඹ වරායට මෙසේ පැමිණියේ තායිලන්තයෙන් නැව්ගත කරන ලද වාහන තොගයක් බවද වාර්තා වේ.

ජපානයෙන් නැව්ගත කරන ලද පළමු වාහන තොගය අද (26) හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බවද පැවසේ.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහත දැක්වේ.

🔴 First shipment of vehicles to arrive at Colombo port from Thailand tomorrow – Prasad Manage

🔴 First shipment of vehicles to arrive at Colombo port from Thailand tomorrow – Prasad Manage (VIASL) Follow us on! ➤ Website – https://www.themorning.lk ➤ YouTube – https://www.youtube.com/@TheMorningLK ➤ Instagram – https://www.instagram.com/themorning.lk ➤ X – x.com/TheMorningLK ➤ Tiktok – https://www.tiktok.com/@themorninglk #themorninglk #Trending #SriLanka #trendingvideo #newstoday #breakingnews #NewsAlert #NewsUpdate #todaynews #todaynewsupdates #SriLankaNews

Posted by The Morning on Tuesday, February 25, 2025

Trending

Exit mobile version