පුවත්

වරායේ බහාලුම් නිෂ්කාශනයට තවදුරටත් බාධා

Published

on

වාප්පු ලිපිකරුවන් සේවයට නොපැමිණිම හේතුවෙන්, බhaaලුම් නිෂ්කාශන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ  ඊයේ (13) දිනයේ ග්‍රේලයින් 01 සහ 02 යන අංගනවලින් බහාලුම් 242 ක් පරික්ෂාව අවසන් කොට නිදහස් කළ බවයි.

නමුත් සාමාන්‍යයෙන්  දිනකට බහාලුම් 500 කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්කාෂන කෙරේ.

වාප්පු ලිපිකරුවන් නිසි ලෙස නිෂ්කාශන කටයුතු සිදු නොකරන්නේනම් ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර කොළඹ වරායේ වරායේ ඇතිවී තිබෙන  බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරිමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබේ.

රේගු දෙපාර්තමේන්තුව පවසන්නේ අද (14) උදෑසන වන විට දොරටු අවසරපත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරික්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496 ක් ඉතිරි ව ඇති බවයි.

රේගුව විසින් නිදහස් කරන ලද එහෙත් ආනයනකරුවන් හා ඔවුන්ගේ නිෂ්කාශන නියෝජිතයන් විසින් තවමත් මුදා ගැනීමට කටයුතු නොකළ බහාලුම් 603 ක් කොළඹ වරාය තුළ මේ වන විට ඉතිරිව ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අද දිනය නිවාඩු දිනයක් වුවද රේගුව නිෂ්කාශන කටයුතු ෙවල නිරතව සිටින බව යි.

මේ අතර ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය අවසන් කිරීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

Trending

Exit mobile version