ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ළමනාකරණ අධ්‍යක්ෂක තනතුර සඳහා නව කළමනාකරන අධ්‍යක්ෂකවරයකු පත්කර ඇති අතර එම තනතුරේ දැනට සේවය කරන ප්‍රභාත් ජේ. මලවිගේ මහතාට තනතුරින් වහාම ඉවත් වන ලෙස දන්වා පැමිණිල්ලක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ව අනුමැතියකින් තොරව සිදුකර ඇති මෙම ස්ථාන මාරුව වහාම අත්හිටුවා ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් දින තුනක් ඇතුලත ලබා දෙන ලෙස දන්වා ප්‍රවාහන, මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇතැයි වාර්තා වේ.