කොළඹ වරායේදී රේගු භාරයට ගෙන ටෙන්ඩර් මගින් මෙම සතියේ විකිණීමට සූදානම් වන සීනි කන්ටේනර් හයක් හා කඩල කන්ටේනර් කීපයක් වරායේ ටෙන්ඩර්වලට අරක්ගත් පාතාල කල්ලි විසින් යළිත් ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
මෙම කන්ටේනර් තම කණ්ඩායම මිලදීගත් පසුව එතැනදීම සෙකන්ඩ් සේල් ක්‍රමයට ව්‍යාපාරිකයන්ට විකුණා කෝටි ගණනක ලාභ බෙදා ගැනීමට පාතාලයට සම්බන්ධ කණ්ඩායම සූදානම් වන බවට ද බුද්ධි අංශ වෙත තොරතරු ලැබී ඇතැයි පැවසේ.
මෙවරද පෙර අවස්ථාවල මෙන් වරායේ සිටින දූෂිත නිලධාරින්ගේ සහය ඇතිව කන්ටේනර් අඩු මිලට ගෙන වැඩි මිලට විකිණීමට සූදානම් වන බව හෙළි වී තිබේ.
මේ ටෙන්ඩරය ගැනීමට විදෙස්ගත පාතාල කල්ලියක ගෝලයන් පිරිසක් ටෙන්ඩරය ගැනීමට සුදානමින් ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇතැයි ද පැවසේ.
මූලාශ්‍රය – අරුණ