හතරලියද්ද පොලිස් වසමේ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5000/- මුදල් නෝට්ටුවක් ලබාදීමක් සම්බන්ධයෙන් හතරලියද්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000/- ව්‍යාජ මුදල් නෝට්ටු 03ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 02ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02ක් හමුවී ඇති බව පොලිසිය පවසයි.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 50 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09ක්, ව්‍යාජ රුපියල් 100 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 06ක් තිබී සොයාගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 32ක් වන උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් ඇති අතර, සැකකරු එම අවස්ථාවේ ආයතනයේ සිට නොමැති බවත්, මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ඇති බවත්, පොලිසිය පවසයි.
හතරලියද්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.