පුවත්

ව්‍යාජ ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

Published

on

ආනයනය කරනු ලබන අමතර කොටස් එකලස් කර යතුරුපැදි සකසා අලෙවි කරන ජාවාරමක් වැටලීමට පානදුර දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

කුරුණෑගල, වාරියපොල හා මාස්පොත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විදේශයන්හි සිට ආනයනය කරනු ලැබූ යතුරුපැදි අමතර කොටස් යොදා ගනිමින් එකලස් කරනු ලබන නීති විරෝධී ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අලෙවි කරන ස්ථාන තුනක් සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත ඊයේ (25) දින මෙම වැටලීමට සිදු කළ බව පොලීසිය පවසයි.

වැටලීමෙන් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් 48CC හා මොවෑඩ් වර්ගයේ යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමෙන් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් 48CC සහ Mowad වර්ගයේ යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 20කට ආසන්න බව පොලිසිය පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ යතුරුපැදි කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

මෙම ජාවාරම හේතුවෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වූ බව විමර්ශනවලදී අනාවරණය විය.

අත් අඩංගුවට ගත් යතුරුපැදි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම අලෙවි මධ්‍යස්ථාන අයත් වාරියපොළ සහ කුරුණෑගල පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කර ඇති අතර

මෙම ආයතනවලින් මිලදී ගත් යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකි බවද ගැනුම්කරුවන් පෙන්වාදී ඇති බව පොලීසිය පවසයි.

Trending

Exit mobile version