පුවත්

වාලච්චේන අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ රටබීම අතුරුදන්

Published

on


වාලචිචේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙ තිබූ රටබීම බෝතල් 25 ක් සහිත පෙට්ටියක් අස්ථානගත වී ඇතැයි සිද්ධියක් සම්බන්ධයෙන් වලච්චෙන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

අධිකරණයේ නඩු භාණ්ඩ බාර නිලධාරියා ඉකුත් 10 වැනිදා මේ සම්බන්ධයෙන් වාලචිචේන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කළේය.

මෙය කුමන දිනයක සොරකම් කර ඇතිද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මෙම සොරකම සිදුකළ ඇති බව කියන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය සඳහන් කලේය.

Trending

Exit mobile version