පුවත්

වාහන පරීක්ෂා කරන විශේෂ මෙහෙයුම අද සිට, නිධාරීන් 7000ක් සේවයට

Published

on

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරී‍මේ දීප ව්‍යාප්ත මෙහෙයුම අද (23) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ සඳහා අනුයුක්ත කර ඇති රථ වාහන නිලධාරින් ගණන 7,000කට අධිකයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, එම විශේෂ මෙහෙයුම උත්සව සමය අවසන් වන තුරු ක්‍රියාත්මක බවයි.

පැය 24 පුරා අවරණය වන පරිදි මෙහෙයුම ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

රථ වාහන වැරදි පිළිබඳව මහජනතාවට ද දැනුම්දීමට අවස්ථාව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර, අපරික්ෂාකාරී  හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීතී උල්ලංඝණය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට දුරකතන අංක 2ක් පොලිසිය දැනුම් දෙයි.

පොලිසිය පැවසුවේ, 119 හා 1997 යන කෙටි දුරකතන අංකවලට මේ පිළිබඳ දැනුම් දිය හැකි බවයි.

එම අංකවලට අමතරව අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකතන අංක වෙත තොරතුරු ලබා දිය හැකියි.

මීට අමතරව මාර්ග නීති උල්ලංඝණය කිරීම හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මඟින් යොමු  කිරීමේ හැකියාව ඇතැයි ද පොලිසිය පැවසුවේ ය.

Trending

Exit mobile version