Connect with us

පුවත්

වාහන පාක් බදු අරන් කෝටි 26ක් පොලු තියලා

Published

on

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන 2023 වසර සඳහා රුපියල් කෝටි 20කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර තිබියදී 2024 වසර සඳහාද එම රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට එම ආයතනවලට අවසර දී ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26ක් එලෙස බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව වගුවක ආකාරයෙන් තොරතුරු දක්වමින් අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතාට දැනුම් දී ඇත.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන පිළිබඳව හා එම ආයතනයන් 2023 වසර අවසානය වන විට සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණයන් කොපමණද? යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයතිලක මහත්මියගෙන් කළ විමසීකට පිළිතුරු දෙමින් ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා ඒ බව දැනුම් දී ඇත.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26 විසින් 2023 වසර අවසානය වන විට රුපියල් 204164119/-ක් සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට රුපියල් 264859471/-ක බදු මුදල් ගෙවීම පැහැර ඇති බව සඳහන් කරන ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා 2023 වසර අවසානය වන බදු මුදල් ගෙවීම පැහැර ඇති අදාළ ආයතන වෙතම 2024 වර්ෂය සඳහාද රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති බව අනාවරණය කොට ඇත.

( ලංකාදීප )

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved