පුවත්

වැටුප් වැඩි කිරීමේ තීරණය ගැන රනිල් කතා කරයි

Published

on

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එම පත්‍රිකාව අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, මීගමුව ප්‍රදේශයේදී ඊයේ (27) පැවැති ජන හමුවක් අතරතුරය.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ යෝජනාව ලබන වසරේ අයවැය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබුවේ ඒකමතික තීරණයක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“මේ ඔක්කෝම සකස් කළේ 2025 විසර්ජන පනතට දාන්න. 2025 විසර්ජන පනත අපි ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා ඡන්දෙ අවසන් කරන්නට තිබුණා. IMF සංවිධානය එක්ක කතා කරන්නට තිබුණා. අපි එකඟ වෙන්න කලින්, මම අපේ භාණ්ඩාගාරයේ ලේකම්තුමාටත් මගේ උපදේශක ආචාර්ය සමරතුංග මැතිතුමාටත් මගේ ලේකම් සමන් ඒකනායක මැතිතුමාටත් ඔක්කොමලා එක්ක කතා කළා.

මට චෝදනා කළේ විජිත හේරත් ඇමතිතුමා මම කාටත් කතා කළේ නෑ කියලා. නෑ මම කියන්නේ මේක අපි ගත්තා. මේ තීන්දුව තියෙනකම් ඒක ඇතුළු කරන්න ඕනේ. එහෙනම් තීන්දුව අහෝසි කරන්න. මේක ඔබේ. මට කියන්න බෑනේ මේක මම නෙමෙයිනේ ආණ්ඩුව. මේ තීරණය වැරදි කියලා කියන්න එපා. එතකොට සම්පූර්ණ බලය තියෙනවා තීණ්දුව වෙනස් කරන්න. අහෝසි කරන්න. ඒකයි කියන්නේ. ජනාධිපතිතුමාත් කිව්වා.

විජිත හේරත් ඇමතිතුමාත් කිව්වා මේ පඩි වැඩි කරන එක ගැන අවධානය යොමු කරනවා කියලා. ඒවා වැඩක් නෑ කැබිනට් තීන්දුවක් ගත්තා ඒක ක්‍රියාත්මක කරන්න කියලා මම කියනවා.”

Trending

Exit mobile version