Connect with us

පුවත්

වැඩබලන නීතිපති විරාජ් දයාරත්න

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කර ඇත.

නීතිපති පාරින්ද රණසිංහ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් ජනාධිපතිවරයා මෙම පත්කිරීම සිදු කර තිබේ.

පුවත්

පුංචි ඡන්දයට අපේක්ෂකයෝ 71,000ක්; පත්වන සභිකයන් ගණන කියන්න බැහැ – මැකෝ

Published

on

By

මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 71,000කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී.

කොට්ඨාස 4,917ක් සඳහා මැතිවරණය පැවැත්වීමට නියමිත වුවද මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාස 4,877කට පමණක් බවද ඔහු සඳහන් කරයි.

සෙසු මැතිවරණ කොට්ඨාසවල මැතිවරණය පැවැත්වීම පසු කලකදී සිදු කෙරෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා හමුවේ අධිකරණයට ගිය පාර්ශ්වයන්ගේ නාමයෝජනා භාර ගන්නා ලෙස අධිකරණය දුන් තීන්දුවට අනුව ඒ නාමයෝජනා භාර ගෙන, යළිත් ඡන්ද පත්‍රිකා සකස් කිරීමට සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවර පළාත් පාලන ආයතනවලට තෝරා පත් කරගනු ලබන සභිකයන් සංඛ්‍යාව පිළිබඳව ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි බවත් පැවසූ කොමසාරිස් ජනරාල්වරයා මෙවර මනාප ලකුණු කිරීමකින් තොරව මැතිවරණය පැවැත්වෙන හෙයින් කොට්ඨාස මට්ටමින් සභිකයන් තෝරාගන්නා බවද ප්‍රකාශ කළේය.

මෙවර මැතිවරණයෙන් කොට්ඨාස මට්ටමින් නියෝජිතයන් 60%ක් සහ සමානුපාතික පදනම යටතේ නියෝජිතයන් 40%ක් තෝරා පත් කර ගනු ලැබේ. 

එමෙන්ම කාන්තා නියෝජනයද 25%ක් වන ලෙස අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇත.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

පුවත්

LTTEය සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි

Published

on

By

යුද හමුදාව විසින් පසුගිය කාලයේ විවිධ විමර්ශන කටයුතු සඳහා රදවාගෙන තිබූ භාණ්ඩ තොගයක් අදාළ විමර්ශන නිමවීමෙන් අනතුරුව රජය වෙත භාරදීම යුද හමුදා මූලස්ථානයේදී අද (2) සිදුවිය.

යුද්ධය අවසන්වීමෙන් අනතුරුව LTTE සංවිධානයේ බැංකුවල හා එම සංවිධානය සතුව තිබී යුද හමුදාව මගින් තම භාරයට ගෙන විමර්ශන සඳහා මෙතෙක් රඳවා තබාගෙන තිබූ රත්‍රං, රීදී හා මැණික් ඇතුළු ස්වර්ණාභරණ  මෙලෙස භාරදුන් භාණ්ඩ අතර විය.

ඒ අනුව ස්වර්ණාභරණ සහිත පාර්සල් 120ක් අද දිනයේදී පොලීසිය වෙත භාරදී තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම භාණ්ඩ පාර්සල් පොලිස් ආරක්‍ෂාව යටතේ ශ්‍රී ලංකා මැණික හා ස්වර්ණාභරණ අධිකාරියේ මගින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දීප්ත ආරියසිංහ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූර්යආරච්චි යන මහත්වරුන් සහභාගි වූහ.

මෙම රන් භාණ්ඩ ස්වර්ණාභරණ අධිකාරිය මගින් පරීක්ෂාවට ලක්කිරීම අනතුරුව එහි වටිනාකම හා බර ප්‍රමාණය ප්‍රකාශයට පත්කර මාධ්‍යයට දැනුවත් කිරීමට නියමිතව ඇත.

මෙම රන් භාණ්ඩවල හිමිකරුවන්ට සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව යළි භාරදීමට කටයුතු කිරීමට උත්සාහ කරන බව මෙහිදී අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.

(අද දෙරණ)

Continue Reading

පුවත්

කොළඹ වරායට අභියෝග කරමින් කේරලයේ නව බහු කාර්ය වරායක්

Published

on

By

කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් මෙම වරාය විවෘත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය එරට පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක් වෙයි.

දකුණු ආසියාවේ ප්‍රාථමික ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති කොළඹ වරාය හරහා දැනට යොමු කරනු ලබන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව මෙම වරාය නිර්මාණය කර තිබේ

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අදහස් පලවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනේ කොළඹ වරායට පමණක් නොව මේ හරහා ඩුබායි වරායටද කිසියම් බලපෑමක් එල්ලවනු ඇති බවය.

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කර ඇති මෙම විසිංජාම් වරාය බහාලුම් හැසිරවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බව සඳහන් වේ.

එමෙන්ම තිරුවානන්පුරම් හි පිහිටා ඇති මෙම වරාය කලාපීය නැව් මාර්ග නැවත සකස් කිරීම මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved