පුවත්

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

Published

on

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කලෙය.

සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 220 බැගින් පාරිභෝගිකයින්ට අළවි කරන ලෙසට රජය මගින් පාලන මිලක් නියම කර ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක හාල් කිලෝවක් රුපියල් 260ක් හා 240ක් බැගින් අම්බලන්තොට නගරයේ වෙළඳසැල් වල අළෙවි කරන බවට හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියට ලැබුනු පැමිණිලි මත මෙම වැටලිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර නිළධාරී ලක්ෂමන් රත්නායක මහතා පවසයි.

ඒ අනුව, උපාය දූතයෙකු යොදවා අම්බලන්තොට නගරයේ හාල් අළෙවි කරන වෙළඳසැල් කිහිපයකින් හාල් මිලදී ගැනීම සිදුකර ඇති අතර, සුදු කැකුළු හාල් කිලෝවක් රුපියල් 260ක් හා 240ක් බැගින් පාරිභෝගික සේවා අධිකාරියේ උපාය ධූතයාට වෙළඳසැල් හිමියන් අළෙවි කර තිබේ.

ඒ අනුව, අම්බලන්තොට නගරයේ ප්‍රධාන හාල් අළෙවි කරන වෙළඳසැල් දෙකකට රජයේ පාලන මිලට වැඩියෙන් පාරිභෝගිකයින්ට හාල් විකිණිමේ වරදට නඩු පැවැරීමට කටයුතු කළ ලක්ෂමන් රත්නායක මහතා පවසයි.

මෙහිදි හාල් වෙළඳුන් කියා සිටියේ, තොග වශයෙන් මෝල් හිමියන් හාල් ලබාදෙන මිල අනුව රජයේ පාලන මිලට අළෙවි කිරිමට නොහැකි බවය.

Trending

Exit mobile version