පුවත්

වැඩි මිලට හාල් විකිණුවොත් මේ අංකයට කියන්න

Published

on

රජය මඟින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය දැනුම් දෙන්නේ උපරිම සහල් මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහි නීත්‍යනුකූලව කටයුතු කරන බවය.

ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන්නේ නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියේ 1977 අංකයට පැමිණිලි කළ හැකිය.

මේ අතර,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මේ දිනවල සිදු කෙරේ.

 එම පරීක්ෂාවලදී සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට නියමිතය.

Trending

Exit mobile version