Connect with us

පුවත්

වැඩ තහනම් කළ දුම්රිය සේවකයන් යළි සේවයට

Published

on

විදේශිකයින් දෙදෙනෙකු හට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩතහනමකට ලක් වූ දුම්රිය සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබේ.

මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව එම අදාළ නිලධාරීන් යළි සේවයේ පිහිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය 05 වන දින කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ වායූසමීකරණය කරන ලද පළමු පංතියේ මැදිරියක විදේශිකයින් දෙදෙනෙකු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කිරීම හේතුවෙන් කළහකාරී සිදුවීමක් ඇති වී තිබිණි.

එම සිදුවීම පදනම් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු, දුම්රිය නියාමකවරයෙකුගේ සහ දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මූලික වාර්තාවක් කැඳවා ඉදිරි පරීක්ෂණවලට යටත්ව දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනා සහ දුම්රිය නියාමකවරයා යළි සේවයේ පිහිටුවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක් වූ නාවලපිටිය දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ කාර්යය භාර නිලධාරියාගේ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved