පුවත්

වැල්ලවත්තේ NOLIMIT තවමත් ගිනිගනියි  (ඡායා) 

Published

on

වැල්ලවත්තේ NOLIMIT සුපිරි රෙදිපිළි වෙළඳ සැලෙහි අද (24) සවස ඇති වූ ගින්න තවමත් මැඩ පැවැත්වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

එහි දෙවැනි මහලේ හා තුන්වැනි මහලේ ගින්න මෙසේ ඇවිලෙමින් තිබෙන බව පැවසේ.

එය මැඩ පැවත්වීමට කොළඹ ගිනි නිවන හමුදාව ගිනි නිවන රථ 10ක් යොදවා ඇති බව ගිනි නිවන හමුදා මාධ්‍ය අංශය පැවසීය.

ගින්න නිවීම සඳහා ගිනි නිවන බටයින්ට වෙළෙඳ සැළ තුළට ඇතුළුවීමට නොහැකිවීම නිසා ගින්න පාලනය කිරීම‍ ඉතා අපහසු ව ඇති බවද වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරුද වාර්තා වී නොමැත.

Trending

Exit mobile version