Connect with us

පුවත්

වැස්ස සමඟ නාය යෑම් ගැන අනතුරු ඇඟවීම්

Published

on

මධ්‍යම, සබරගමුව, ඌව හා බස්නාහිර පළාත්වලට අද (16) දිනයේ මිලිමීටර 100ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ වර්ධනය වී තිබෙන කැළඹිලි ස්වභාවය හේතුවෙනි.

මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර තිබේ.

එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හාලිඇල, හපුතලේ, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර, යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ අතරට අයත්ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, දෙහිඕවිට, වරකාපොළ, මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලාවන, ඉඹුල්පේ, බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ අතරට ඇතුළත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved