Connect with us

පුවත්

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

Published

on

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ, පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවය.

මේ අතර අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ඇතැම් පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී.

අත්තනගලු ඔයේ සහ උරුවල් ඔයේ ජල මට්ටම මේ වනවිට වැඩි වෙමින් පවතින අතතර මේ හේතුවෙන් බලධාරීන් දැනුම් දෙන්නේ, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.

අත්නගලුඔය ද්‍රෝණියට පසුගිය දින කිහිපයේ සැලකිය යුතු වර්ෂා පතනයක් ලැබීම මේ තත්ත්වයට හේතුව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර ඉදිරි පැය 48 තුළ කුඩා ගඟ සහ මගුරු ගඟ සුළු ගංවතුර මට්ටමට පැමිණිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් බුලත්සිංහල, මදුරාව සහා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින්නයැයි ඔවුන් ඉල්ලා සිටි.

බෙංගාල බොක්ක අවට මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඉදිරි දිනවලදී පීඩන අවපාතයක් බවට පත් වෙමින් දිවයිනෙන් එපිටට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ,එහි වක්‍ර බලපෑම දිවයිනට බලපාන බවයි.

ඒ හේතුවෙන් මධ්‍යම, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු සහ මන්නාරම් දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ 8ක පවුල් 8,974ක පුද්ගලයින් 33,493කට තවදුරටත් බලපා තිබේ. එහි වැඩිම බලපෑම වාර්තා වන්නේ, පුත්තලම දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ පවුල් 8,780ක පුද්ගලයින් 32,710ක් පීඩාවට ලක්ව සිටිති.

පුත්තලම – වනාන්තවිල්ලුව ප්‍රධාන මාර්ගය හතරේ කණුව ප්‍රදේශයෙන් ඊයේ (20) රාත්‍රීයේ ජලයෙන් යට විය. මේ හේතුවෙන් පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ක්‍රික්කයේ සියලුම පාසල්වලට අද (21) සහ හෙට (22) නිවාඩු ලබා දී තිබේ.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට නිකුත් කළ නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකය. බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

මේ අතර ගිනිකොණදිග අරාබි සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි ධීවර සහ නාවික ප්‍රජාවට නිකුත් කළ අනතුරු ඇඟවීම ද තවදුරටත් බලාත්මකය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved