පුවත්

විජිත පත් කළ, වෛද්‍ය විජේමුනිත් සභාපතිකමින් ඉල්ලා අස්වෙලා!, අරෝෂා වැඩ අල්ලලා

Published

on

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ධුරයෙන් වෛද්‍ය රුවන් විජේමුණි මහතා ද ඉල්ලා අස්වී තිබේ.

තමා මීට සති කිහිපයකට පෙර පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වූ බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා මාධ්‍යට පවසා ඇත.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නව සභාපති ලෙස වෛද්‍ය රුවන් විජේමුණි මහතා පත්කර තිබුණේ එවක විෂය භාර ඇමැතිවරයාව සිටි විජිත හේරත් මහතා විසිනි. 

මේ වනවිට එම තනතුර සඳහා වත්මන් විශය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අරෝෂා විද්‍යාභූෂණ පත්කර තිබේ. 

ඇය පසුගියදා එම ධූරයේ වැඩ බාරගෙන තිබිණි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාව සිටි රමාල් සිරිවර්ධන මහතා ද පසුගියදා ඉල්ලා අස්වී තිබුණේ ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මත බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ප්‍රවාහන අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ රමාල් මහතාට පිටකොටුව බස් නැවතුම සුද්ධ පවිත්‍ර කර නැතැයි කියමින් අමාත්‍යවරයා සේවකයන් ඉදිරියේ බැනවැදීම නිසා ඔහු අදාළ තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි.

කෙසේවුවද, රමාල් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලෙස මීට සිවවුමසකට පෙර නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාර ගත්තේ ඉකුත් ඔක්තොබර් 02 වැනිදාය.

එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පවසා තිබුණේ ලංගමය අලුත් තැනක් නොවන බවත්, 1994 සිට 2001, 2006 සිට 2007 සහ 2015 සිට 2019 දක්වා කාලයේ ලංගමයේ සභාපති ලෙස වැඩිම කාලයක් සේවය කර ඇත්තේ තමා බවත්ය.

සබැඳි පුවත්

Trending

Exit mobile version