පුවත්

විද්‍යාපීඨ කථිකාචාර්යවරු විරෝධතා ව්‍යාපාරයක

Published

on

සිය ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් ලබා නොදීම නිසා ලබන 26 සහ 27 යන දිනවල අසනීප නිවාඩු මත සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරු තීරණය කර සිටිති.

තම සංගමයට අමතරව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් එස්. එම්.පී. බණ්ඩාර මහතා පැවැසීය.

අධ්‍යාපනඥ සේවයට බලපා ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීමට පියවර නොගැනීම, නිර්බාධ උසස් වීම් ක්‍රියාවලියට අධ්‍යාපනඥ සේවය ඇතුළත් කිරීමට පියවර නොගැනීම, වැටුප් විෂමතාව විසඳන තෙක් අන්තර්කාලීන දීමනාවක් ලබා නොදීම හා යෝජිත ජාතික ගුරු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කර තිබෙන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී තිබේ.

මෙම ක්‍රියාමාර්ගයෙන් පසුවත් නිසි ප්‍රතිචාරයක් නොලදහොත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ද ඉන්පසුවත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ද ලේකම්වරයා කීවේය.

Trending

Exit mobile version