යාපනය පුන්කුඩුතිව් හී පදිංචිව සිටි පාසල් සිදුවියකු වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම ව සිටින විත්තිකරුවන් හත්දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියම කළේය.
ඒ අනුව අදාළ පෙත්සම් විභාගය අගෝස්තු මස 25 වැනිදා ඇරඹීමට නියම කෙරිණ.
ප්‍රීති පද්මන් සූරසේන , ජනක් ද සිල්වා , සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචනා පෙත්සම් කැඳවන ලදි.