පුවත්

විදුලිබල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Published

on

පාරිභෝගිකයන්ගෙන් එකතු කරන ලද ආරක්ෂක තැන්පතු සඳහා වාර්ෂික ලෙස පොලිය ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදුලිබල මණ්ඩලයට අද (28) නියෝග කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුව විසින් ගෙවන ලද සියයට 11.67ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට මෙන්ම සෙසු විදුලිය පාරිභෝගකයින්ට ගෙවිය යුතුය.

ලංකා විදුලිබල පනතේ 28(03) වගන්තිය ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලි මුදල පාරිභෝගිකයින්ට ගෙවන ලෙස ඉල්ලා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.

එය අද (28) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්, නීතිපති, මහජන උපයෝගීතා කොමිසම මෙහි වගඋත්තරුවන් ලෙස නම් කර තිබුණි.

Trending

Exit mobile version