පුවත්

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

Published

on

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.

ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව අනාවරණය විය.

එහිදී විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ, අදාළ වැරදි ගණනය කිරීම් සිදුකළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවිය යුතු බවය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා,

“දැන් මේ මගේ අතේ තියෙන්නේ ලංවිම විදුලි ගාස්තුවල දත්ත වැරදි බවට විගණකාධිපති අධ්‍යයනයකින් තහවුරු කරලා තියෙන වාර්තාව. මේක විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට යවලා තියෙන්නේ. එතකොට 2024 – 2025 ලංවිම ඉදිරිපත් කරපු දත්ත සංශෝධන යෝජනා වැරදි ඇස්තමේන්තු පිළිබඳව මෙතනදි මත විමසුමට ලක්වෙනවා. ඒ නිසා විගණකාධිපතිගේ තොරතුරු කැඳවීමට කෙඳිරි ගාන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්. දැන් වැරදි දත්තවලට විදුලි බිල් ගෙව්වේ පාරිභෝගික අපි. කවුද දැන් මේවට වගකියන්නේ.”

Trending

Exit mobile version