පුවත්

විදුලිබල යෝජනා ගැන මහජන අදහස් විමසීමට දී තිබූ කාලය දීර්ඝ කරයි

Published

on

විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025 පෙබරවාරි 14 දක්වා දික්කිරීමට තීරණය කළ බව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්‍යාලයේ අධ්‍යක්ෂක ජෙනරල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ මහතා පවසයි.

ඒ අනුව http://powermin.gov.lk/ වෙබ් අඩවියට පිවිස එහි දක්වා ඇති දිගුව ඔස්සේ සංශෝධන යෝජනාව පරිශීලනය කළ හැකිය.

එසේම reforms@powermin.gov.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ කොල්ලුපිටිය ගාළුපාරේ අංක 437 හී පිහිටි බලශක්ති අමාත්‍යංශ කාර්‍යාලයට තැපැල් මගින් හෝ තම අදහස් දන්වා එවීමට හැකි බව මහජනතාවට දැනුම් දෙයි.

Trending

Exit mobile version