විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබන ජනවාරි 15 වෙනි දින විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බවට දැනුම් දී ඇත.
එම යෝජනා ලැබීමෙන් පසුව මහජන මත විමසුමක් සිදුකර විදුලිබිල අඩු කිරීමේ නිර්දේශ ලබාදෙන බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.
එමෙන්ම පෙබරවාරි දෙවැනි සතිය වනවිට විදුලිබිල අඩුකිරීමේ යෝජනා සඳහා වු අනුමැතිය ලබාදීමට සැලසුම් කර ඇති බව ද මහජන උපයෝගිතා කොමිසම කියා සිටියි.
මේ වනවිට විදුලිබල මණ්ඩලයේ කටයුතු සඳහා ස්වාධින ආයතනයක් මඟින් විගණනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එහි පාලනාධිකාරිය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබේ.
එම ස්වාධීන විගණනය අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට අපේක්ෂිත බව වැඩිදුරටත් සඳහන් කර ඇත.