Connect with us

පුවත්

විදුලිබිල අඩු කරන යෝජනාව ලබන 15දා මහජන උපයෝගිතා කොමිසමට

Published

on

විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබන ජනවාරි 15 වෙනි දින විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බවට දැනුම් දී ඇත.

එම යෝජනා ලැබීමෙන් පසුව මහජන මත විමසුමක් සිදුකර විදුලිබිල අඩු කිරීමේ නිර්දේශ ලබාදෙන බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.

එමෙන්ම පෙබරවාරි දෙවැනි සතිය වනවිට විදුලිබිල අඩුකිරීමේ යෝජනා සඳහා වු අනුමැතිය ලබාදීමට සැලසුම් කර ඇති බව ද මහජන උපයෝගිතා කොමිසම කියා සිටියි.

මේ වනවිට විදුලිබල මණ්ඩලයේ කටයුතු සඳහා ස්වාධින ආයතනයක් මඟින් විගණනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එහි පාලනාධිකාරිය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබේ.

එම ස්වාධීන විගණනය අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට අපේක්ෂිත බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved