කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
එම බිඳ වැටීම් කඩිනමින් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා කියා සිටියේය.
ඒ අනුව, එවැනි බිද වැටීම් තිබේනම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ සී ඊ බී ඇසිස්ට් (CEB Assist) ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.