විදුලි ගාස්තු සංශෝධනයට අදාලව මහජන අදහස් 500 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා පැවසුවේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මහජන අදහස් ලබාගැනීම සිදුකළ බවයි.
ඒ සඳහා ලියාපදිංචිව සිටි පුද්ගලයින් සංඛ්‍යාව 70කට අධිකය.
පසුගිය 10 වැනිදායින් එම කටයුතු අවසන් කෙරිණි.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.