කුවේට්හි ආපනශාලාවක ආහාර ඇනවුම් බෙදාහැරීමේ රැකියාවක නිරතවී සිටියදී එරට වැසියකු අතින් වෙඩි කෑ සාගර ලක්ෂ්මන් තිලකරත්න නැමැති ශ්‍රී ලාංකිකයාට අද (27) හිස් අතින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
සාගර කටුනායක ගුවන් තොටේදී එම සිදුවීමෙන් පසු කිසිඳු සාධාරණයක් ඉටුනොවුණු තැන මෙරටට පැමිණි බවත්, සාධාරණයක් ඉටුකරන ලෙස මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ඔහුට කුවේට් ජාතිකයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ඇනවුම ප්‍රමාදවූ නිසා උරණවීම හේතුවෙනි.
වෙඩිවැදීමෙන් සාගරගේ උදරය ප්‍රදේශයට තුවාල සිදුවී තිබිණි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්වී තිබුණි.
හතලිස් හය හැවිරිදි දෙදරු පියෙක් වන සාගර කුවේට්හි වසර 6ක කාලයක් රැකියාවේ නිරතව සිට ඇති අතර ඔහු රාජංගනය යාය 11 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු පවසන්නේ දරු දෙදෙනාද පාසල් වියේ පසුවන අතර ඔහුගේ බිරිඳ ද අසනීප තත්ත්වයෙන් පසුවන බවය.
වසර 2022 ඔක්තෝබර් මස 10 වැනිදා රියදුරකු ලෙස කුවේටයට ගොස් ඇති ඔහු තුන්වතාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා කුවේටයේ සේවයට ගොස් ඇත.
මෙම සිද්ධිය වන විට කුවේට්යේ ජහ්රාහි අඹුදහම් අවන්හලේ ආහාර බෙදා හැරීමේ රියදුරකු ලෙස ඔහු සේවය කර ඇත.
සාගර ලක්ෂාන් මහතාගේ සියලු රෝහල් වියදම් ඔහු සේවය කළ ආහාර බෙදාහැරිමේ ආයතනය විසින් ගෙවා ඇති බවද පැවසේ.
අදාළ සිද්ධිය වාර්තා වූ අවස්ථාවේදී සාගර කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල යටතේ රැකවරණය ලබා පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබිණි.
එසේම සාගර ලක්ෂ්මන් මහතාට සියලු පහසුකම් ද තානාපති කාර්යාලය මගින් ලබාදෙන බවද කාර්යාංශය සඳහන් කර තිබිණි.
සිද්ධිය පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කාර්යාංශයේ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවට ද මාධ්‍ය වාර්තා කර තිබිණි.