Connect with us

පුවත්

විදේශ සේවා පම්පෝරි ඉවරයි; වෙඩිකා හිස් අතින් ආ සාගර උදව් ඉල්ලයි

Published

on

කුවේට්හි ආපනශාලාවක ආහාර ඇනවුම් බෙදාහැරීමේ රැකියාවක නිරතවී සිටියදී එරට වැසියකු අතින් වෙඩි කෑ සාගර ලක්ෂ්මන් තිලකරත්න නැමැති ශ්‍රී ලාංකිකයාට අද (27) හිස් අතින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

සාගර කටුනායක ගුවන් තොටේදී එම සිදුවීමෙන් පසු කිසිඳු සාධාරණයක් ඉටුනොවුණු තැන මෙරටට පැමිණි බවත්,  සාධාරණයක් ඉටුකරන ලෙස මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔහුට කුවේට් ජාතිකයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ඇනවුම ප්‍රමාදවූ නිසා උරණවීම හේතුවෙනි.

වෙඩිවැදීමෙන් සාගරගේ උදරය ප්‍රදේශයට තුවාල සිදුවී තිබිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්වී තිබුණි.

හතලිස් හය හැවිරිදි දෙදරු පියෙක් වන සාගර කුවේට්හි වසර 6ක කාලයක් රැකියාවේ නිරතව සිට ඇති අතර ඔහු රාජංගනය යාය 11 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු පවසන්නේ දරු දෙදෙනාද පාසල් වියේ පසුවන අතර ඔහුගේ බිරිඳ ද අසනීප තත්ත්වයෙන් පසුවන බවය.

වසර  2022 ඔක්තෝබර් මස 10 වැනිදා රියදුරකු ලෙස කුවේටයට ගොස් ඇති ඔහු තුන්වතාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා කුවේටයේ සේවයට ගොස් ඇත.

මෙම සිද්ධිය වන විට කුවේට්යේ ජහ්රාහි අඹුදහම් අවන්හලේ ආහාර බෙදා හැරීමේ රියදුරකු ලෙස ඔහු සේවය කර ඇත.

සාගර ලක්ෂාන් මහතාගේ සියලු රෝහල් වියදම් ඔහු සේවය කළ ආහාර බෙදාහැරිමේ ආයතනය විසින් ගෙවා ඇති බවද පැවසේ.

අදාළ සිද්ධිය වාර්තා වූ අවස්ථාවේදී සාගර කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල යටතේ රැකවරණය ලබා පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබිණි. 

එසේම සාගර ලක්ෂ්මන් මහතාට සියලු පහසුකම් ද තානාපති කාර්යාලය මගින් ලබාදෙන බවද කාර්යාංශය සඳහන් කර තිබිණි. 

සිද්ධිය පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කාර්යාංශයේ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවට ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved