ඇතැම් අධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා දී ඇති පොලිස් නිලධාරීන් අවභාවිතා කරන බව වාර්තා වී ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
මෙලෙස පොලිස් නිලධාරීන් අයථා ලෙස අවභාවිත කිරීම පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සෝමරත්න මහතා සියලුම විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන් වෙත ලිඛිත දැනුම් දීමක් ද කර ඇතැයි ද පැවසේ.
නව රජයේ පත්වීමත් සමගම රජයේ නිලධාරීන් අවභාවිත කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති පසුබිමක මහජන සේවය සඳහා සිටින පොලිස් නිලධාරීන් අවභාවිත කිරීම පිළිබඳව එම දැනුම්දීම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කර තිබේ.
මේ පිළිබඳව අවධානය යොමු කර සුදුසු කටයුතු කරන ලෙස ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සියලුම විනිසුරුවරුන්ට සහ සියලුම අධිකරණ නිලධාරීන් වෙත දන්වා ඇත.
මූලාශ්‍රය – අරුණ