මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද (25) තීරණය කර ඇත.
විනිසුරුවරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය වළකාලන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරු වරුන්ගේ සංගමය සහ කම්කරු විනිශ්ච සභා සභාපති වරුන්ගේ සංගමය ගොනු කර තිබූ පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (25) තීන්දු කර තිබේ.