නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත්ව තිබේ.
ඇය මෙරට 11 වැනි විභාග කොමසාරිස් ජනරාල්වරිය වන අතර ඇය එම තනතුර සඳහා පත්වූ පළමු කාන්තාව වීම විශේෂත්වයකි.
මාපලගම මධ්‍ය මහ විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා රුහුණ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය හා පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද හිමිකර ගෙන තිබේ.
වර්ෂ 1998දී ගුරු වෘත්තියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ විභාග දෙපාර්තමේන්තුවේ වසර 4ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු විභාග කොමසාරිස්වරියක ලෙස සේවය කරමින් සිටියාය.
විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය පසුගියදා අවසන් වීමත් සමඟ එම තනතුර සඳහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් වූවාය.