පුවත්

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්ත්වයක්

Published

on



පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වූහ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවය සූදානම් කර තිබුණි.

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිවිය.

එම ස්ථානයට පොලීසිය සහ කැරලි මර්දන ඒකකය ගෙන්වා තිබෙන බවත් වාර්තා වේ.

විභාග කොමසාරිස්වරයා මෙම ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇති බවත්, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එම ස්ථානයට පැමිණ සිටි දෙමාපියන් සඳහන් කරයි.

Trending

Exit mobile version