පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පනවා ඇති නඩුව යළි ඔක්තෝබර් මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.
ඒ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ගොනුකර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන්නැයි විත්ති පාර්ශවය සිදුකළ ඉල්ලීමට අනුවයි.
2010 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.