හිටපු ඇමති විමල් වීරවංශට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (14) නියෝග කළේය.
ඒ, විමල් වීරවංශ අද (14) මෝසමක් මගින් අධිකරණයට භාරවීමත් සමගයි.
ඔහුට වරෙන්තු නිකුත් කර තිබුණේ 2016දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට එරෙහිව උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළ බව කියන චෝදනාවකට අදාළවයි.
විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන පුද්ගලයින් මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති.
නඩු විභාගය ලබන ජූනි මස 19දා තෙක් කල් තැබිණි.