පුවත්

විමල් CIDයට

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත අද පැමිණියේය.

මාධ්‍ය ආයතනයක වැඩසටහනකදී බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඒ මහතා එම අංශය වෙත කැඳවා තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව මෙලෙස විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරේ.

Trending

Exit mobile version