පුවත්

විරෝධතාකරුවන්ට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Published

on

ගුරු – විදුහල්පතිවරු විරෝධතාවයට සෙරමික් මංසන්ධියේ දී පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේය.

එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබිණි.

විරෝධතාවය හේතුවෙන් කොටුව, ලෝටස් පාර සහ සෙසු ප්‍රදේශ රැසක මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා පාසල් ගුරු – විදුහල්පතිවරුන් අද (26) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණි.

මේ හේතුවෙන් දිවයිනේ පාසල් රැසක කටයුතු අද අඬාල වුණි.

වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා දිවයිනේ සියලු රජයේ පාසල්වල  ගුරු විදුහල්පති සංගම් අද අසනීප නිවාඩු වාර්තාකර සේවයෙන් ඉවත්වී වැඩ වර්ජනයක නිරත වේ.

ගුරුවරුන් නොමැතිවීමෙන් ඇතැම් පාසල්වල දරුවන් යළි නිවෙස්කරා රැගෙන යාමට මව්පියන් කටයුතු කරනු ලැබීය.

ඇතැම් පාසල් දරුවන් සහ ගුරු විදුහල්පතිවරුන් නොමැතිවීමෙන් පාළු ස්භාවයක් ගෙන තිබුණි.

සබැඳි පුවත්

Trending

Exit mobile version