විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව සඳහා පමණක් රුපියල් මිලියන 1100කට ආසන්න ප්‍රමාණයක් වැය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එමෙන්ම තම ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කලේය.
එහිදී ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපතිනිය සඳහා ආරක්ෂකයින්ගේ 57 දෙනෙකු ලබාදී ඇති බවය.